‘රුබෙල්ලා‘වලින් මිදුණු රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කරයි

(කොළඹ, ලංකාපුවත්) –ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් රුබෙල්ලා රෝගයෙන් මිදුණු රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කර ඇත.

ඊට අදාල සහතිකය ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු කළාපීය අධ්‍යක්ෂිකා පූනම් චෙට්ත්‍රපාල් සිං මහත්මිය විසින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති දොස්තර රාජිත සේනාරත්න මහතා වෙත අද(05) පිරිනමනු ලැබීය.

ඒ ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු කළාපීය සැසිවාරයේ දී ය.

ශ්‍රී ලංකාව 2015 වසරේ දී මැලේරියා රෝගයෙන් තුරන් වූ රටක් ලෙසත්, 2016 වසරේ දී බරවා රෝගයෙන් තුරන් වූ රටක් ලෙසත්, 2017 වසරේ දී මවගෙන් දරුවාට බෝවන නවජන්ම පිටගැස්ම රෝගයෙන් තුරන් වූ රටක් ලෙසත් ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කරනු ලැබීය.

අද දින රුබෙල්ලා රෝගයෙන් මිදුනු රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කිරීම සෞඛ්‍ය සේවාව 2018 වසරේ ලැබූ තවත් ජයග්‍රහණයකි. අදාල සහතිකය පිරිනමමින් කළාපීය අධ්‍යක්ෂිකා වෛද්‍ය පූනම් චෙට්ත්‍රපාල් සිං මහත්මිය ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව සෑම වසරකදීම කිසියම් රෝගයක් තුරන් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකය ලබාගත් බවයි. ඊට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය නායකත්වය රුකුළක් වූ බව ඇය පෙන්වා දුන්නාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *