විශේෂ අධිකරණයට හා මූල්‍ය අපරාධ කොට්ඨාසයට විශේෂ ආරක්ෂාවක්

(කොළඹ, ලංකාපුවත්) –(කොළඹ, ලංකාපුවත්) –විශේෂ අධිකරණයට සහ මූල්‍ය අපරාධ කොට්ඨාසයට අද(05) දිනයේ විශේෂ ආරක්ෂාවක් ලබාදෙන බව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවක දී ඔහු ඊයේ(04) මේ බව කියාසිටියේය.

ඇමතිවරයා කියා සිටියේ පොදු විපක්ෂයේ විශාල පිරිසකට චෝදනා එල්ල වී තිබෙන බවත් එම නඩු පැවැත්වෙන ස්ථානවලට කොළඹදී පවැත්වීමට යන උද්ඝෝෂණයේ දී යම් යම් කටයුතු සිදු කිරීමට යන බවට තොරතුරු ලැබී තිබෙන බවත් එම ස්ථාන ආරක්ෂා කිරීමට කටයුතු කරන බවත් ය.

විශේෂ අධිකරණයටත්,එෆ්.සී.අයි.ඩී එකටත් තොරතුරු ලැබිලා තිබෙනවා, නඩු ෆයිල්න සහ නඩු කටයුතුවලට බධා එල්ල කරන බවට. පොදු විපක්ෂයේ අයට චෝදනා එල්ල වී තිබෙනවා. විශේෂ අධිකරණයේ නඩු විභාග වෙනවා. ඒ තැන් ආරක්ෂා කරන්න කටයුතු කරනවා. යම් යම් තොරතුරු ලැබෙනවා. විශේෂ නඩු තියෙන ස්ථන සම්බන්ධව යම් යම් දේවල් සිදු කරන්න කටයුතු කරනවා කියලා තොරතුරු ලැබෙනවා. එම ස්ථාන ආරක්ෂා කරන්න කටයුතු කරනවා.පෙළපාලි නවත්වන්න උදෝෂණ නවත්වන්න කිසිම දෙයක් කර නෑ. වැරදි අර්ථකථනයක් දී තිබෙනවා. උද්ඝෝෂණයකට වෙඩි තියන්නේ නෑ. සාමකමි උද්ඝෝෂණයකට උදව් කරන්නයි අපි බලන්නේයැයි ද අමාත්‍යවරය පැවසී ය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *