අධි මාත්‍රාවෙන් යුත් මත් පෙති මිලියන 15ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ වරායේ කන්ටේනරයක තිබී, අධි මාත්‍රාවෙන් යුත් මත් පෙති මිලියන 15කට අධික සංඛ්‍යාවක් (පෙති 150,50170 ) සොයා ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවසීය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට ඊයේ(05) සවස ලද තොරතුරක් අනුව රේගුව සමග කළ වැටලීමකදී මෙම ටැමඩෝල් නැමැති අධි මාත්‍රාවෙන් යුත් මත් පෙති තොගය හමුව ඇත.

මෙම මත් පෙති පෙට්ටි 585ක ඇසුරුම් කර තිබුණු බව සදහන් ය. මෙහි වටිනාකම මෙතක් ගණනය කර නොමැත.

අදාළ කන්ටේනරය ඉන්දියාවේ සිට කොළඹ වරයා හරහා ලිබියාවට රැගෙන යන කන්ටේනරයක් බවට දැනට තොරතුරු අනාවරණය වී ඇත.

දැනට මෙම කන්ටේනරය රේගුව භාරයේ ඇති අතර සැකකරුවන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *