කාන්තා කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තුට

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉන්දියානු කණ්ඩායම සමඟ ලබන 11 වැනිදා ආරම්භ වීමට නියමිත එක්දින තරඟාවලියේ නායකත්වය චමරි අතපත්තුට හිමිව ඇත.

එම තරඟාවලියේ නම් කළ සංචිතයට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත් ය. හිටපු නායිකා ශශිකලා සිරිවර්ධන, ඉනෝකා රණවීර, අමා කාංචනා, ප්‍රසාදිනී වීරක්කොඩි, හසිනි පෙරේරා, නිපුනි හංසිකා ද එම සංචිතයට ඇතුළත් වේ.

ශ්‍රී ලංකාව, ඉන්දියාව සමඟ පන්දුවාර විස්සයි විස්ස තරඟ 05 කට මුහුණදීමට නියමිත අතර, තරඟාවලියේ පළමු තරඟ දෙක ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *