ව්‍යාජ මැණික්ගල් පෙන්වා ආභරණ හා මුදල් වංචාකළ 03ක් මාට්ටු

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගොස් ව්‍යාජ මැණික් ගල් පෙන්වා රන් ආභරණ හා මුදල් වංචා කළ සැකකරුවන් තිදෙනෙකු ජීව අත්බෝම්බයක්, ව්‍යාජ මැණික්ගල් 04ක් හා රන් ආලේපිත මාල දෙකක් මතුගම ප්‍රධාන බස් නැවතුම්පළ අසළ දී අත්අඩංගුවට ගෙන ඇත.

කළුතර නීතිය බලගැන්වීමේ ඒකකයට ලද තොරතුරක් මත මෙම අත්අඩංගුවවට ගැනීම සිදු කර ඇති අතර නැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන්ව මතුගම පොලිසියට ඉදිරිපත් කර තිබේ.

එසේම සැකකරුවන්ගෙන් සිදු කළ වැඩිදුර විමර්ශනවලදී රත්තරන් ග්‍රෑම් 56ක් හා රන් දම්වැල් 01ක් සොයාගෙන ඇතැයි සදහන් වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 35, 40 හා 41ක යන වයස්සීමාවල පසුවන බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

ඔවුන්ව අද(97) මතුලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *