පැරිස් නුවර පිහිඇණුමකින් 07කට තුවාල

(කොළඹ, ලංකාපුවත්) –ප්‍රංශයේ පැරිස් නුවර සිදු වු පිහිඇණුමකින් පුද්ගලයින් හත්දෙනෙකු තුවාල ලබා ඇත.

පිහිඇණුම සිදු කළ පුද්ගලයා ඇෆ්ගනිස්ථාන ජාතිකයෙකු බව වාර්තා වේ.

අදාළ සැකකාර පුද්ගලයාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පිහිඇණුම සිදු කිරිමේදී ඔහුව වැලැක්විමට උත්සාහ කළද එය අසාර්ථක වී ඇතැයි සදහන් වේ. ඒ සමග පුද්ගලයින් හත් දෙනෙකු තුවාල ලබා ඇත. ඉන් හතරදෙනෙකුගේ තත්ත්වය බරපතල බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.

මෙය ත්‍රස්ත ක්‍රියාවක්ද යන්න සම්බන්දයෙන් සොයා බැලිමට වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *