(කොළඹ, ලංකාපුවත්) –මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යාමේ සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාරගතකර සිටි හිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් අමල් කරුණාසේකර මහතාව ඇප මත මුදාහැර තිබේ.
ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය අද (10) ඔහුට ඇප නියම කළේය.
2008 වසරේ මැයි මස 22 වැනිදා දෙහිවල ප්‍රදේශයේදී මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙනයාමේ සිද්ධියට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් එ මහතාව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියේය.