ලුනාව පෙරහැරට එක්වු අළුත් වන්නමකින් දෙදෙනෙකු රෝහලේ

(කොළඹ, ලංකාපුවත්) –ඊයේ රාත්‍රි (12) මොරටුව ලුනාව ශ්‍රී විශුද්ධාරාම විහාරස්ථානයේ පැවත්වු වාර්ෂික පෙරහැර අවසානයේදී පෙරහැර සදහා සහභාගි වු නැටුම් කණ්ඩායම් දෙකක් අතර ඇතිවු මත ගැටුමක් හේතුවෙන් පිහි ඇණුමක් සිදුව ඇත.

මෙම පිහි ඇනුම හේතුවෙන් දෙදෙනෙකු තුවාල ලබා ලුණාව හා කළුබෝවිල යන රෝහල් වෙත ඇතුලත් කර තිබේ.

මෙම සිදුවිම සම්බන්ධයෙන් එක් නැටුම් කණ්ඩායමක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ මොරටුව පොලිස්ථානය විසින් සිදුකරනු ලැබේ.

සැකකරු අද (13) දින මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *