ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය චීනයේ ප්‍රවර්ධනයට පියවර

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය චීනයේ තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් පසුගියදා(11) බෙයිජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී පැවැත්විණ.

එම වැඩසටහන සංවිධානය කර තිබුණේ චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශයයි.

මේ අවස්ථාවට චීනයේ ප්‍රධාන පෙළේ සංචාරක සමාගම් රැසක් මෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරක සමාගම් කිහිපයක් ද සහභාගි විය.

මෙහිදී බෙයිජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී ශානි කරුණාරත්න මහත්මිය, ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් ඉනෝෂිනි පෙරේරා සහ තානාපති කාර්යාලයේ වෙළඳ උපදේශක ඇලෙක්සි ගුණසේකර යන මහත්වරු දේශන පැවැත්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *