එ.ජා මහා මණ්ඩලයට ජනපතිගෙන් නව යෝජනාවලියක්

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හමුවට ලබන 25 වනදා නව යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

ජනාධිපති මන්දිරයේදී අද (14) පෙරවරුවේ මාධ්‍ය ප්‍රධානීන් හමුවූ අවස්ථාවේ ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

අදාළ යෝජනාවලිය මගින් යුද්ධයෙන් පසුව ඇති වී තිබෙන තත්ත්වයන් සුහදව විසදා ගන්නේ කෙසේ දැයි යන්න පිලිබදව ජාත්‍යන්තරයේ අවධානය යොමුකරවීමට බලාපොරොත්තු වන බවද මෙහිදි ජනාධිපතිතුමා පැවසීය.

මේ අතර, රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු ගැටලූවක් නොමැති බව ද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

තරුණයින් පැහැරගෙන ගොස් ඝාතනය කළැයි සැකපිට සිටින ආරක්ෂක අංශ සාමාජිකයින්ට තවමත් නඩු නොපවරා, හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගැනීම හා රිමාන්ඩ් කිරීම ගැන පොලීසිය හා නීතිපතිවරයා, සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ දෝෂදර්ශනයට ලක්ව ඇතැයි ද සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *