චීනය දක්වා යළි ගුවන් ගමන් ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) –සුළි කුණාටු තත්ත්වයක් හේතුවෙන් කටුනායක සිට චීනය දක්වා නවතා දැමුණු ගුවන් ගමන් යළි ආරම්භ කර ඇති බව වාර්තාවේ.

ඊයේ (16) පස්වරු 2.30ට චීනයේ ග්වන්ෂූ දක්වා ගමන් කිරිමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 880 යානය අද (17) අළුයම 1.44 ට එහි පිටත්ව ගොස් තිබේ.

ඊට අමතරව පෙරේදා දිනයේ හොංකොං බලා පිටත්ව යාමට නියමිතව තිබූ සී.එච්. 611 දරණ ගුවන් යානය ද අද අලුයම 12.27 ට පිටත්ව ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *