ඉන්ධන රැගෙන ගිය දුම්රියක වන අලි සිව්දෙනෙක් ගැටේ

(කොළඹ, ලංකාපුවත්) – මඩකලපුව දුම්රිය මාර්ගයේ පලුගස්වල වැව සහ ගල්ඔය අතර දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

ඒ, කොළොන්නාවේ සිට මඩකලපුව බලා ධාවනය වූ ඉන්ධන රැගත් දුම්රියක් අද(18) අලුයම 4.00ට පමණ පිලිපැනීමකට ලක්වීම හේතුවෙනි.

වනඅලි සිව්දෙනෙකු ගැටීමෙන් දුම්රිය මෙලෙස පීලි පැනීමකට ලක්ව තිබේ. මෙම වන අලි සිව්දෙනා මිය ගොස් ඇත.

මේ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුවේ සිට මහව දක්වා සීමා කර ඇති බව දුම්රිය පාලක මැදිරිය සදහන් කළේය. දුම්රිය පීළිගත කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවද සදහන් කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *