කොරියාවට නව අනාගතයක් උදාවෙයි

(කොළඹ, ලංකාපුවත්) – කොරියාවට නව අනාගතයක් උදාකරමින් දකුණු කොරියා ජනාධිපති සහ උතුරු කොරියා නායකයා ගිවිසුමක් අත්සන් කර තිබේ.

දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් සහ උතුරු කොරියා නායක කීම් ජෝන් උන් අතර ගිවිසුම අත්සන් කෙරුණේ උතුරු කොරියාවේ පියොංග්යෑං අගනුවරදී ය. ඒ අනුව රටවල් දෙකම න්‍යෂ්ටික අවිහරණ කිරීමට එකගතාවකට පැමිණ ඇත.

උතුරු සහ දකුණු කොරියාව අතර දුම්රිය මාර්ග සම්බන්ධ කිරීම, පවුල් නැවත එක්වීම හා සෞඛ්‍ය සේවා සදහා සහයෝගයෙන් කටයුතු කිරීමට සැළසුම් කර තිබේ.

උතුරු කොරියා නායක කීම් ජෝන් උන් පවසා ඇත්තේ මෙය දෙරට අතර සාමය සදහා ඉදිරියට තැබූ පියවරක් බවයි.

දකුණු කොරියාවේ ආරක්ෂක අමාත්‍යවරයා සහ උතුරු කොරියාවේ හමුදා ප්‍රධානියා අතරද ගිවිසුමක් අත්සන් කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seven + fifteen =