කුකුඵ නිෂ්පාදන‌ 2018 සම්මේලනය – ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ දී

(කොළඹ, ලංකාපුවත්) – කුකුඵ නිෂ්පාදන වර්තමාන තත්ත්වය සහ අනාගතය පිළිබද ගැඹුරින් සාකච්ඡා කෙරෙන 2018 සම්මේලනය සැප්තැම්බර් මස 28 වනදා බදුල්ලේ පිහිටි ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාල පරිශ‍්‍රයේදි පැවැත් වීමට නියමිතයි.

කුකුඵ නිෂ්පාදන ලෝකයේ අනාගතය – පරිසරහිතකාමී සහ කාර්යයක්‍ෂම නිෂ්පාදන ක‍්‍රියාවලියක් “Future of the Poultry World: Smarter and Greener Production” යන තේමාව ඔස්සේ දෙවන වරටත් පැවැත් වෙන මෙම සම්මේලනය සදහා අනුග‍්‍රාහකත්වය මෙරට ප‍්‍රමුඛතම කුකුඵ නිෂ්පාදන සමාගමක් වන ක‍්‍රිස්බ්‍රෝ විසින් ලබාදෙයි.

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ සත්ත්ව විද්‍යා පීඨය විසින් සංවිධානය කරනු ලබන මෙම සම්මේලනය සදහා මෙරට කෘෂිකර්ම විශ්ව විද්‍යාල වල ශාස්ත‍්‍රාලීය විද්වතුන් සහ උපාධි අපේක්‍ෂකයන් මෙන්ම පර්යේෂණ ආයතනවල විද්වතුන් රැුසක් සහභාගී වනු ඇත. ක්‍ෂෙත‍්‍රයේ වැදගත් අංශ කිහිපයක් වන කුකුඵ ආහාර, පරිපාලනය, කුකුඵලන්ට වැළෙදන රෝග, නිෂ්පාදන ක‍්‍රමවේද සහ ක්‍ෂෙත‍්‍රයට සම්බන්ධ නව පර්යේෂණ ගැන විශේෂ දේශන කිහිපයක් කීර්තිමත්විද්වතුන් විසින් පවත්වනු ඇත.

ක‍්‍රිස්බ්‍රෝ සමාගම් සමූහය විසින් 2018 සම්මේලනයට අනුග‍්‍රහය දැක්වීමට ඉදිරිපත් වී ඇත්තේ ශ‍්‍රී ලංකාවේ කුකුඵ නිෂ්පාදන කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය සිදුකරන මෙහෙවරට සහයෝගය දැක්වීම සදහා ක්‍ෂෙත‍්‍රයේ ප‍්‍රමුඛතම සමාගමක් ලෙස සිය වගකීම නොපිරි හෙලා ඉටුකිරීම සදහායි.

පරිසරහිතකාමී සංකල්පයට අනුව; බලශක්තිය ආරක්‍ෂා කිරීම, පරිසර දුෂණය අවම කිරීම, ආර්ථික තිරසාර බව යන කරුණු පදනම් කරගෙන ක‍්‍රිස්බ්‍රෝ නිෂ්පාන සිදු කෙරෙන්නේ ,ගොවිපලේ සිට ආහාර මේසය දක්වා, යන දැක්මට අනුව ලෝකයේ උසස්ම තාක්‍ෂණය භාවිතාකරමින් සම්පූර්ණ නිෂ්පාදන ක‍්‍රියාවලිය පරිඝණකගත කර උසස් ප‍්‍රමිතිය, නැවුම්බව, පෝෂණගුණය හා සෞඛාරක්‍ෂිතභාවය පිළිබද විශේෂ සැලකිල්ලක් යොමු කරමිනුයි.

කුකුඵ නිෂ්පාදන ක්‍ෂෙත‍්‍රයේ ISO14001 ඇතුඵ ජාත්‍යන්තර තත්ත්ව සහතික 6 ක් ඇති එකම දේශිය සමාගම වන ක‍්‍රිස්බ්‍රෝ, සිය වෙළෙ`දනාමය යටතේ කුකුඵ නිෂ්පාදන වර්ග රාශ‍්‍රීයක් වෙළෙදපොලට ඉදිරිපත් කරයි. මීට වසර 46 ට පෙර ආරම්භ කල ක‍්‍රිස්බ්‍රෝ සමාගම අද වන විට සේවකයන් 1100 ට අධික සංඛ්‍යාවක් සේවය කරන සමාගම් 6 න් සැදුම්ලත් දිවයිනපුරා ස්ථාන 17 දී නිෂ්පාදන කටයුතු කරන ශ‍්‍රී ලංකාවේ දැවැන්තම කුකුඵ නිෂ්පාදන සමාගම් සමූහය ලෙස ද ක‍්‍රිස්බ්‍රෝ හදුන්වා දිය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *