ගොඩකවෙල මනුෂ්‍ය ඝාතනයක්

(කොළඹ, ලංකාපුවත්) – ගොඩකවෙල, චයිනාහාබර් ගල් කොරිය අසල මාර්ගයේ කැපුම් තුවාල සහිතව පුද්ගලයෙකු මිය ගොස් සිටිය දී අද(19) අළුයම 02.00ට පමණ හමුව ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 34ක් වන ගොඩකවෙල පදිංචි දිනුෂ්ක ධනංජය බණ්ඩාර නැමැති අයෙක් බවට හදුනාගෙන ඇතැයි පොලිසිය පවසයි.

මෘත ශරීරය සිද්ධිය වූ ස්ථානයේ ඇති අතර මහේස්ත්‍රාත් පරීක‍්‍ෂණය හා පශ්චාත් මරණ පරීක්‍ෂණය අද(19) සිදු කිරීමට නියමිත ය.

මෙම ඝාතනය සිදු කළ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර ගොඩකවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *