චීන අක්ෂර දෘෂ්‍ය කලා ප්‍රදර්ශනයක් කොළඹ දී

(කොළඹ, ලංකාපුවත්) – චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවා වසර 69 ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරනු ලබන චීන අක්ෂර දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය කොළඹ 07. ජේ.ඩී.ඒ.පෙරේරා ප්‍රදර්ශන ශාලාවේදී අද(19) පෙරවරු 10.00 ට පැවැත්වේ.

චීනයේ දෘෂ්‍ය අක්ෂර කලාවට ප්‍රසිද්ධ ශිල්පීන් විසින් නිර්මාණය කරන ලද විශේෂ නිර්මාණ 51 ක් මෙහිදී ප්‍රදර්ශනය කෙරේ.චීන චිත්‍ර ශිල්පීන් විසින් ප්‍රායෝගිකව චීන දෘෂ්‍ය අක්ෂර කලා නිර්මාණය කරන අයුරුද මෙහිදී දැකගැනීමට අවස්ථාව හිමිවේ.

පාසල් සිසුන්ට හා විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසුන්ට මෙම ප්‍රදර්ශනය මගින් අධ්‍යාපනික දැනුම ප්‍රායෝගිකව ලබාගැනීමට අවස්ථාව උදාවන බව ප්‍රදර්ශනයේ සංවිධායකයෝ පවසති.

ප්‍රදර්ශනය අද සිට ලබන 21වනදා දක්වා පැවැත්වෙන අතර ඇතුළුවීම සම්පූර්ණයෙන්ම නොමිලේ.

ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමය සමඟ චීන ජාත්‍යන්තර සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානය මෙම ප්‍රදර්ශනය සංවිධානය කරති.ශ්‍රි ලංකාවේ චීන තානාපති කාර්යාලය ශ්‍රි ලංකා චීන ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය හා ඇමරිකන් සක්ලර් පදනම සම අනුග්‍රහය දක්වති.

මෙම අවස්ථාවට ශ්‍රි ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂියුවන් (Cheng Xueynan) , ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්, කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර, චීන ජාත්‍යන්තර සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයේ මහ ෂියු හෝග්හායි (Xu Honghai), ශ්‍රි ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමයේ සභාපති, ඉන්ද්‍රානන්ද අබේසේකර, ශ්‍රි ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති නලීන් අපොන්සු යන මහත්වරුන් සහභාගි වෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *