බස් ගාස්තු හෙට මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

(කොළඹ, ලංකාපුවත්) –හෙට (20) මධ්‍යම රාත්‍රී 12.00 සිට බස් ගාස්තුව සියයට 4 කින් ඉහළ දැමීමට තීරණය කළ බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අවම බස් ගාස්තුවේ වෙනසක් සිදු නොකිරිමට තිරනය වී තිබේ.

බස් ගාස්තු සංශෝධනය පිළිබඳව බස් සංගම් නියෝජිතයින් සමඟ අද පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත් වුනි. මෙම සාකච්ඡාවට ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් ජී.එස් විතානගේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති එම්.ඒ.පී හේමචන්ද්‍ර බස් සංගම් නියෝජනය කරන සියලූම නියෝජතියන්ද සහභාගී වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *