පොලිස්පති සම්බන්ධයෙන් පැතිරෙන කතාව අසත්‍යයි

(කොළඹ, ලංකාපුවත්) –පොලිස්පතිවරයාට ඉල්ලා අස්වීමට ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා කිසිදු නියෝගයක් කර නැති බව නීතිය හා සාමය පිළිබද නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා අද(20) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

මේ අතර ඉදිරි සති දෙක ඇතුළත ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ජනධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දැනුම්දී ඇති බවට මාධ්‍ය ඔස්සේ පැතිරෙන ප්‍රවෘත්තිය අසත්‍ය එකක් බව ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජෙනරාල් සුදර්ශන ගුණවර්ධන මහතා පවසයි.

ඒ මහතා සිය ට්විටර් ගිණුම ඔස්සේ මේ බව දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *