“එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා, ලංකා බැංකු තුරුණු දිරිය”ණය ලාභීන් 120 ඉක්මවයි

(කොළඹ, ලංකාපුවත්) –ලංකා බැංකුව මගින් ක්‍රියාත්මක කරන “තුරුණු දිරිය”ණය යෝජනා ක්‍රමය යටතේ දිවයින පුරා විසිරී සිටින තරුණ ව්‍යවසායකයින් 123 දෙනෙක් සඳහා මේ වන විට ණය ලබා දී ඇත.

තරුණ ව්‍යවසායකයන් 14 දෙනෙක් සඳහා ණය මුදල් නිදහස් කිරීමහේතුවෙන් දිස්ත්‍රික්ක මට්ටමෙන් පෙරමුණගැනීමට රත්නපුර දිස්ත්‍රික්කයසමත් ව සිටින අතර, කිලිනොච්චිය හා මඩකලපුව යන දිස්ත්‍රික්ක කිසිදු ණය මුදලක් මේ වන විට නිදහස් කර නැති බවට වාර්තා වේ.

මේ අතර, තරුණ ව්‍යවසායකයින් 30 දෙනෙක් උදෙසා ණය මුදල් නිදහස් කිරීමහේතුවෙන්, පළාත් අතුරෙන් බස්නාහිර පළාත පෙරමුණ ගෙනඇත.මෙම තොරතුරු අනාවරණය වූයේ 2018සැප්තැම්බර් මස 19 වන දිනලංකා බැංකුව මඟින් සතිපතා නිකුත් කරන “තුරුණු දිරිය”ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ නවතම ප්‍රගති වාර්තාව මඟිනි.

ලංකා බැංකුව, අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය,ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ, මධ්‍යම වැඩසටහන්කළමනාකරණ ඒකකය සහ තරුණ කටයුතු, ව්‍යාපෘති කලමනාකරණ හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සමඟ එක්ව ක්‍රියාත්මක කරන “තුරුණු දිරිය”ණය යෝජනා ක්‍රමය රටේ තරුණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීම අරමුණ කරගෙන ක්‍රියාත්මක කරනු ලබන අතර එමගින් උපාධියක් සහිත හෝ පිළිගත් වෘත්තීය නිපුණතා සහතිකයක් සහිත, වසර 03 කට නොඅඩු කාලයක් ව්‍යාපාරයේ නියැලි තරුණ ව්‍යවසායකයින් උදෙසා ඇප/ ඇපකරුවන් රහිතව හෝ ලිහිල් ඇප සහිතව, අඩු පොලියක් යටතේ ණය පහසුකම් ලබා දෙයි.

“තුරුණු දිරිය” ණය ලබා ගැනීම සඳහා තරුණ ව්‍යවසායකයන්ට සහයෝගය ලබා දීමට අමතරව, දිවයින පුරා පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාල, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සමඟ එක්ව, ඔවුන්ගේ පළාත තුළ සිටින තරුණ ව්‍යාපාරිකයින් හඳුනා ගැනීමේ සහ ඔවුන් දැනුවත් කිරීමේ අරමුණින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමද සිදු කරයි.

දිවයින පුරා පිහිටි ලංකා බැංකු ශාඛාවලින් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගත හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *