2019 අය-වැය නොවැම්බර් 05වනදා

(කොළඹ, ලංකාපුවත්) –2019 වසරේ අයවැය කථාව මුදල් ඇමැතිවරයා ලබන නොවැම්බර් 05 වැනිදා පාර්ලිමේන්තුවේදී පවත්වන බව සම කැබිනට් ප්‍රකාශක, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සදහන් කළේය.

ජීවන වියදම අඩුකර ජනතාවට සහන සලසන අයවැයක් මෙවර ඉදිරිපත් කරන බවද ඇමැතිවරයා පවසයි.

ඇමැති ගයන්ත කරුණාතිලක මහතා මේ බව පැවැසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ (19) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

එසේම, 2019 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත ලබන ඔක්තෝම්බර් මස දෙවන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ති‍බෙන බවද ඇමැතිවරයා එහිදී පැවැසීය.

2019- 2021 මධ්‍ය කාලීන අයවැය රාමුවක් යටතේ 2019 වර්ෂය සඳහා වන ජාතික අයවැය සකස් කිරීමේ ප්‍රතිපත්තිමය ප්‍රමුඛතාවන් පදනම් කර ගෙන හා පවතින සම්පත් ප්‍රමාණය සැලකිල්ලට ගෙන මෙම ඇස්තමේන්තුව සකස් කර තිබේ.

මේ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ සන්දේශයට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *