වියට්නාම ජනාධිපති මිය යයි

(කොළඹ, ලංකාපුවත්) – වියට්නාම ජනපති ට්‍රෑන්ඩ් ඩයි ක්වෑන්ග් අද (21) පෙරවරු 10.55 ට පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර ඇත.

එරට සෙන්ට්‍රල් මිලිටරි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජනපතිවරයා මිය ගොස් ඇති බවත් එම වාර්තා සදහන් කරයි.

මිය යන විට ජනාධිපතිවරයා 61වැනි වියෙහි පසු විය.

2016 වසරේ අප්‍රේල් මාසයේ දී ට්‍රෑන්ඩ් ඩයි ක්වෑන්ග් ජනාධිපති ධූරයට පත් වූ අතර ඊට පෙර ඔහු මහජන ආරක්‍ෂක ආමාත්‍යවරයා ලෙස ද කටයුතු කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *