ඉන්දීය කොටස් වෙළඳපොළේ දරුණුතම කඩාවැටීමක්

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ කොටස් වෙළෙදපොළ මාස 6කින් පසු දරුණුතම කඩා වැටීම ඊයේ (24) වාර්තා කර තිබුණි.

ඊයේ දිනය තුළ එරට කොටස් වෙළෙදපොළ අගය 1%ට වඩා පසුබෑමක් පෙන්නුම් කළේය. එරට කොටස් වෙළෙදපොලේ බී එස් ඊ දර්ශකය 1.4%කින් පහළ ගිය අතර එන් එස් ඊ දර්ශකය 1.58%කින් පහළ ගියේය.

එන් එස් ඊ දර්ශකය, මාර්තු මස 16 වැනිදාට පසුව එතරම් අගයකින් පහළ වැටුණු පළමු අවස්ථාව මෙයයි. ඉන්දීය කොටස් වෙළෙදපොළ විශේෂඥයින් පවසන්නේ ප්‍රධාන පෙළේ මූල්‍ය සමාගම් කිහිපයක කඩා වැටීම මීට තදින්ම බලපා ඇති බවයි.

එසේම, ලෝක වෙළෙඳපොළේ ඇති අර්බුදකාරී තත්වයෙන් සහ බොරතෙල් මිල ඉහළ යාම ද මීට බලපා ඇති බව විශේෂඥයින් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *