ගිගුරුම් සහිත වැසි

(කොළඹ, ලංකාපුවත්) –දිවයින පුරා බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් අපරභාගයේ හෝ සවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ යැයි බලාපොරොත්තු වන බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව අද (25) පෙරවරුවේ නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වේ.

කොළඹ, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල තැනින් තැන උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවද සඳහන්ය.

ඌව, සබරගමුව,බස්නාහිර, දකුණ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇති විය හැකිය.

එසේම පුත්තලම සිට කොළඹ ,ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

මුලතිවු සිට ත්‍රිකුණාමලයහරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවලස්ථාන ස්වල්පයක සවස්කාලයේහෝ රාත්‍රීකාලයේදීවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවලසුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 20-30 පමණ වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකි බව කාලගුණ නිවේදනයේ සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *