මාලදිවයින් ජනපතිවරණයේ ජය විපක්ෂ අපේක්ෂකයාට

(කොළඹ, ලංකාපුවත්) –මාලදිවයින් ජනාධිපතිවරණයෙන් එරට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කළ පොදු අපේක්ෂක ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි ඡන්ද එක්ලක්ෂ 34,616 ක් ලබාගෙන ජයගත් බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

පුද්ගලයින් 233,877 දෙනෙකු ඡන්දය භාවිත කර ඇති අතර, එය 89.22 % ක ප්‍රතිශතයක් වෙයි.

ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලිගේ ජයග්‍රහණයත් සමඟ වසර 05 ක් ධූරයේ රැඳී සිටි ජනාධිපති අබ්දුල් යමීන්ට එම ධුරයෙන් නික්ම යාමට සිදුවෙයි.

ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය ඉහළට ඔසවා තැබීමේ තීරණාත්මක ආකාරයකින් ජනතාව සිය ඡන්ද බලය පාවිච්චි කළ මාලදිවයිනේ ජනාධිපතිවරණයෙන් ඒකාබද්ධ විපක්ෂයේ අපේක්ෂක ඉබ්‍රාහිම් මොහොමඩ් සෝලිහ් මහතා ජයග්‍රහණය අත්කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිය ප්‍රසාදය පළ කරයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින්, නිදහස් සාධාරණ හා සාමකාමී, සාර්ථක ජනපතිවරණ ක්‍රියාදාමයක් පැවැත්වීම පිළිබඳව මාලදිවයින් රජයට සහ ජනතාවට ශ්‍රී ලංකාවේ ප්‍රශංසාව පුද කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *