සංචාරක දිනය වෙනුවෙන් ඡායාරූප ප්‍රදර්ශනයක්

(කොළඹ, ලංකාපුවත්) –OSl Magazine හි ප්‍රධාන ඡායාරූප ශිල්පී තරින්ද ඇල්විටිගලගේ ඡායාරූප ප්‍රදර්ශනය අද(27) ගාල්ල මධ්‍යම සංස්කෘතික අරමුදලේ සමුද්‍ර කෞතුකාගාරයේදී පැවැත්වේ.

සංචාරක දිනය නිමිත්තෙන් පැවැත්වෙන මෙම ඡායාරූප ප්‍රදර්ශනය මගින් ශ්‍රී ලංකාවේ සුන්දර ස්ථාන එක් රැස් කිරීමක් කර ඇති බව ඡායාරූප ශිල්පී තරින්ද ඇල්විටිගල මහතා පවසයි.

OSl Magazine හි ප්‍රධාන ඡායාරූප ශිල්පී තරින්ද ඇල්විටිගල 1997 වසරේ සිට විවිධ කේෂ්ත්‍රවල කටයුතු කර ඇත. ඔහු මාධ්‍ය කේෂ්ත්‍රයේ වැඩසටහන් නිෂ්පාදන කටයුතු කළ අතර 2013 වසරේ සිට දේශීය මෙන්ම විදේශිය වාර්තා වැඩසටහන් රැසක් නිෂ්පාදනය සිදු කර ඇත.

වසර ගණනාවක සිට හා OSl Magazine හි ප්‍රධාන ඡායාරූප ශිල්පි ලෙස කටයුතු කිරීම් වලදී ඇස ගැටුණු ස්ථාන කැමරාවට හසු කර ගත් බව ඇල්විටිගල මහතා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *