ලබන මාසයේ සිට ත්‍රීරෝද රථවලට මීටර අනිවාර්යයි

(කොළඹ, ලංකාපුවත්) –මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ සඳහා මීටර අනිවාර්ය කිරීමේ නීතිය ලබන මාසයේ සිට අනිවාර්ය කිරීමට තීරණය කර ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව පවසයි.

එහි සභාපති සිසිර කෝදාගොඩ මහතා සඳහන් කළේ අදාළ නීතිය ලබන මස දෙවන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.

මගී ප්‍රවාහන ත්‍රී රෝද රථ සදහා සුදුසු මීටරයක් සවි කරගැනීම සදහා එම රියදුරන්ට දීර්ඝ කාලයක් ලබාදී තිබුණ ද එම කාලය තවදුරටත් දිර්ඝ කල නොහැකි බව සභාපතිවරයා පෙන්වාදුන්නේය.

ඒ අනුව ත්‍රී රෝද රථ මිටර් සවි කිරීම සිදු නොකරන රියදුරන්ට එරෙහිව ලබන මස සිට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව සිසිර කෝදාගොඩ මහතා සඳහන් කළේය.

ත්‍රීරෝද රථ මීටර් සවි කිරීමට අමතරව මගී ගමනාන්තයේදී රිසිට් පතක් නිකුත් කිරීම ද නව නීතිය අනුව ක්‍රියාත්මක වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *