ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගත් සිසුවාට ඇප

(කොළඹ, ලංකාපුවත්) –ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර විශ්වවිද්‍යාලයක සේවය කරමින් සිටියදී ත්‍රස්ත චෝදනා මත එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික තරුණයා ඇප මත නිදහස් කර ඇතැයි පවුලේ ඥාතීන් සදහන් කළේය.

අධ්‍යාපන වීසා මත ඔස්ට්‍රේලියාවේ රැදී සිටින මෙම ශ්‍රී ලාංකික තරුණයා ත්‍රස්තවාදි කටයුතු සම්බන්ධ චෝදනාව යටතේ එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පසු ගිය මස 30වනදා ය.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ 25 හැවිරිදි මොහොමඩ් නිසාම්දීන් නැමැති තරුණයකි.

ඔස්ට්‍රේලියානු මාධ්‍ය අනාවරණය කළේ ත්‍රස්ත ප්‍රහාර සඳහා සැලසුම් ඇතුළත් බවට සැකකෙරෙන ලිපිගොනු ඔහු සතුව තිබියදී සොයාගෙන ඇති බවයි.

නිව් සවුත්වෙල්ස් විශ්වවිද්‍යාලයේ කොන්ත්‍රාත් පදනම මත සේවය කර ඇති ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ එම විශ්වවිද්‍යාලයේ සේවකයෙකුගෙන්ම ලැබුණු තොරතුරක් මතය.

සිඩ්නි නගරයේ වැදගත් ස්ථාන කිහිපයක් පිළිබඳ ප්‍රහාර එල්ල කිරිම සඳහා වන සැලසුම් සහිත සටහන් ඔහුගේ දින පොත් කිහිපයක තිබුණද, සැකකරු ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී නොමැති බව එරට පොලීසිය සදහන් කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *