එල්ෆින්ස්ටන් රඟහල නොවැම්බරයේ යළි ජනතාවට

(කොළඹ, ලංකාපුවත්) – එල්ෆින්ස්ටන් රඟහල නොවැම්බර් මස මුල් සතියේ දී යළි ජනතා අයිතියට පත් කරන බව ටවර්හෝල් රගහල පදනමේ අධ්‍යක්‍ෂ ජනරාල් හර්ෂ බී අබේකෝන් මහතා පැවසීය.

සිනමා හා නාට්‍ය කලා ඉතිහාසයේ කීර්තිමත් ඉතිහාසයකට උරුමකම් කියන එල්ෆින්ස්ටන් රඟහල අලුත් වැඩියා කටයුතු සදහා වසා දමා තිබුනේ 2011 වසරේය.

2012 මැයි මාසයේ, එහි ඉංජිනේරු ඉදිකිරීම් කටයුතු භාර වුයේ රජයේ ගොඩනැගිලි දෙපාර්තමේන්තුවට ය. එහි පැවැති ගොඩනැගිලි අබලන් තත්ත්වයේ පැවතීම හේතුවෙන් මෙම අලුත්වැඩියා කිරීම කටයුතු සදහා තරමක කාලයක් ගත විය.

නමුත් වත්මන් රජයේ දැඩි අපේක්ෂාව වී ඇත්තේ මෙම ජාතික රංග ශාලාව ඉතා ඉක්මනින් වැඩකටයුතු අවසන් කර ජනතාවට භාර දීමටය. මේ පිළිබද විෂය භාර අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඉතා උනන්දුවෙන් කටයුතු කරමින් මෙහි අලුත්වැඩියා කිරීම් කටයුතු කඩිනම් කරන ලෙස උපදෙස් ලබා දී ඇත.

මේ පිලිබදව සොයාබැලීමේ විශේෂ හමුවක් පසුගියදා අදාළ සියලුම ඉදිකිරීම් ආයතන කැදවා සිදු කර තිබේ.

ඒ අනුව පාලක මණ්ඩලයේ උපදෙස් පරිදි එල්ෆින්ස්ටන් රඟහල නොවැම්බර් මුල් සතියේ දී ජනතා අයිතියට යළිත් පත් කිරීමට හැකියාවක් බවතින බව අබේකෝන් මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × two =