ක්ෂය රෝග නිවාරණට චීන ජනාධිපති ආර්යාව කැපවෙයි

(කොළඹ, ලංකාපුවත්) – චීනයේ ක්ෂය රෝග නිවාරණ කටයුතු කාර්යක්ෂමතාවෙන් යුතුව සිදු කර තිබෙන බව චීන ජනාධිපති ආර්යා පෙං ලි යුවන් මහත්මිය එක්සත් ජාතීන්ගේ 73 වැනි මහා මණ්ඩල ක්ෂය රෝග නිවාරණය පිළිබඳ ඉහළ පෙළේ සැසිවාරය අමතමින් සඳහන් කළාය.

එම සැසිවාරය අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර දී පසුගියදා පැවැත්වුණි.

චීන ජනාධිපති ආර්යා පෙං ලි යුවන් මහත්මිය එහි ආරම්භක උත්සවයේදී වීඩියෝ ආකාරයෙන් දේශනයක් පවත්වමින් මේ බව පැවසුවාය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක්ෂය රෝගය හා ඒඩ්ස් රෝගය නිවාරණය කිරීමේ විශේෂ නියෝජිතවරියක් වශයෙන් ගෙවී ගිය වසර 10කට වැඩිකාලය තුළ තමන් ලද අත්දැකීම් ඇය එහිදී විස්තර කළාය.

චීන රජය හා චීන සමාජය ක්ෂය රෝග නිවාරණයට දැක්වූ අවධානය සහ ලක්ෂ 07ක ස්වේච්ඡා සේවකයන්ගේ දායකත්වය ඊට හේතුවී ඇතැයි පෙං ලි යුවන් මහත්මිය ‍සිය දේශනයේදී සඳහන් කළාය.

මානව සමාජය ක්ෂය රෝගය නිවාරණය කිරීමේ බොහෝ අභියෝගවලට මුහුණ දී සිටින අතර එම අභියෝග ජය ගැනීම ‍සඳහා විවිධ රටවල් එක්ව කටයුතු කළ යුතු බවද චීන ජනාධිපති ආර්යාව සිය දේශනයෙන් අවධාරණය කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *