මහත්මා ගාන්ධිගේ ආලේඛ්‍ය චිත්‍රයක් ජනාධිපති කාර්යාලයේ නිරාවරණය කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –මහත්මා ගාන්ධිතුමාගේ ආලේඛ්‍ය චිත්‍රයක් ජනාධිපති කාර්යාලයේ නිරාවරණය කිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අතින් අද (02) පෙරවරුවේ සිදු විය.

ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමියා ලෙසත්, අවිහිංසාවාදයේ පියා ලෙසත් ලොව පුරා ප්‍රසිද්ධියට පත් මහත්මා ගාන්ධිතුමාගේ ජන්ම දිනය අදට යෙදී තිඛෙන අතර, ඒ නිමිත්තෙන් මෙම ආලේඛ්‍ය චිත්‍රය නිරාවරණය කිරීම සිදු කෙරිණි.

ආලේඛ්‍ය චිත්‍රය නිරාවරණය කළ ජනාධිපතිතුමා ඊට පුෂ්පෝපහාර දැක්වී ය.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු මහතා ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක් විය.

මෙම ආලේඛ්‍ය චිත්‍රය ස්ථීර ලෙස ජනාධිපති කාර්යාලයේ ස්ථාපිත කර තැබීමට අවශ්‍ය කටයුතු සළසන බව ජනාධිපතිතුමා මෙහිදී සදහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *