‍‍පොලිස් ඔත්තු සේවා වැඩිකිරීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – පොලිස් ඔත්තු සේවා වැඩි කිරීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය පරිපාලන සහ නීතිය හා සාමය පිළිබඳ ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි. ඒ සඳහා අවශ්‍ය උපදෙස් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ලබාදී තිබේ.

පොලිස් ඔත්තු සේවා වැඩි කිරීමේ අරමුණ වන්නේ විවිධ අපරාධ කල්ලි සහ විවිධ කණ්ඩායම් සිදුකරන අපරාධ සහ වෙනත් සංවිධානයන් සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් කැර ගැනීම වේ.

මෙම ඔත්තු සේවා මහජනයා සමඟ නිරතුරුවම ගැවසෙන අතර බුද්ධි අංශ හා සමානවම ඉතා ඉහළ මට්ටමේ සේවාවක් ඔත්තු සේවාවලින්ද සිදුවෙයි.

ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතා මෙම තොරතුරු හෙළිදරව් කෙළේ දැනට රට තුළ විවිධ පිරිස් පොලිසිය විවේචනය කිරීමට අදාළව තොරතුරු විමසූ අවස්ථාවේදීය. උතුරේ ආවා කල්ලිය කියන්නේ වයස අවුරුදු විසිපහට අඩු වයස්වල පිරිසක් හදාගත් කණ්ඩායමක් පමණයි. ඒ හැර හමුදාවක් යොදා මර්ධනය කිරීමට තරම් ප්‍රබල කල්ලියක් නොවන බවද ඇමැතිවරයා කියයි. වර්තමානයේ රට තුළ නීතිය සහ සාමය පවත්වා ගැනීමට ඉතා හොඳ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කැරගෙන යනවා. එහි හොඳ ප්‍රතිඵල මේ වනවිටත් දක්නට තිබෙන බවත් පසුගිය කාලය තුළ සිදුවුණ වෙඩි තැබීම මනුෂ්‍ය ඝාතන වැඩි ප්‍රමාණයක් පාතාල කල්ලිවල ක්‍රියාකාරකම් බවත් පෙන්වා දෙන ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතා පසුගිය කාලය හා සංසන්දනය කරන විට ‍ෙපාලිස් වාර්තා අනුව මේ වනවිට රට තුළ අපරාධ අඩුවී ඇති බවත් පෙන්වා දෙයි.

පොලිස් ඔත්තු සේවා වැඩිකිරීමට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් අපරාධකරුවන් කොටුකර ගැනීමට සිදුකරන මෙහෙයුම් වැඩි කිරීමටද උපදෙස් දී ඇති බවද පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *