බීමත් රියදුරන් හදුනා ගැනීමට ජාත්‍යන්තර ක්‍රමවේදයක්

(කොළඹ, ලංකාපුවත්) – උපකරණක් මගින් බීමත් රියදුරන් හදුනා ගැනීමට හැකි නව ක්‍රමවේදයක් හදුන්වා දීමට පොලිසිය කටයුතු කර ඇත.

මෙය ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදයක් වන අතර හෙරොයින් හා කංසා පානය කර රිය පදවන රියදුරන් හදුනා ගැනීමට මෙම උපකරණය මගින් හැකියාව ලැබෙනු ඇත.

අදාළ උපකරණ පොලිස් ස්ථාන වෙත ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කළ බව ථවාහන සහ මාර්ග ආරක්‍ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය භාවිත කර වාහන ධාවනය කරන පිරිස් හඳුනා ගැනීමට විද්‍යාත්මක ක්‍රමයක් නොමැති නිසා මෙම තීරණය ගත් බවද ඒ මහතා කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ සිදුවන එක් මාරක රිය අනතුරක් වෙනුවෙන් රජයට රුපියල් මිලියනයක මුදලක් වැය වන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මාරක රිය අනතුරේ පරීක්ෂණ සඳහා යන පොලිස් නිලධාරීන්ට, මහේස්ත‍්‍රාත්වරයාට, අධිකරණය වෛද්‍යවරයාට සහ අධිකරණ කටයුත්තු වෙනුවෙන් මෙම මුදල වැය වන බවද හෙතෙම කියා සිටියේය.

ශ්‍රී ලංකාව පුරා දිනකට මාරක රියඅනතුරු අටක් පමණ සිදුවන බවත් මෙම මාරක අනතුරු හේතුවෙන් වසරකට ජනතාවගේ මුදල් කෝටි ගණන් වියදම් වන බවත් අජිත් රෝහණ මහතා පැවසීය. මාරක රිය අනතුරු වලට අමතරව දිනකට රටතුළ රිය අනතුරු 100- 105 අතර ප‍්‍රමානයක් සිදුවන බවද හෙතෙම කියා සිටියේය.

මාර්ග ආරක්ෂාව සහ රිය අනතුරු අවම කිරීම පොලිසියට තනිවම සිදුකළ නොහැකි කි‍්‍රයාවක් බවත් ජනතාවගේ සහය මේ සඳහා අවශ්‍ය බවත් හෙතෙම කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *