පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –මැල්සිරිපුර ගොවිපලේ අවන්හලක් බදු දීම කඩිනම් කරවීම සඳහා රු. ලක්ෂ 06ක අල්ලසක් ලබාගනිමින් සිටියදී පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති එම්.කේ. මුතුවිනයාගම් මහතාව අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ ව්‍යාපාරිකයා ලබාදුන් තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනිම සිදු කර තිබේ.

ජාතික පශු සම්පත් මණ්ඩලයට අයත් මැල්සිරිපුර ගොවිපොලේ පිහිටි අවන්හලක් බදු දීමේ දී සභාපතිවරයා කටුගස්තොටු ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 12ක අල්ලසක් ඉල්ලා ඇති බව සදහන් වේ.

පසුව ව්‍යාපාරිකයා සහ සභාපතිවරයා අතර ඇතිවු අදහස් හුවමාරුවකින් එම මුදල ලක්ෂ 6 දක්වා අඩුකරගැනීමට තීරණය කර ඇතැයි ද වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *