මට්ටක්කුලියේ දී මනුෂ්‍ය ඝාතනයක්

(කොළඹ, ලංකාපුවත්) –මට්ටක්කුලිය, සමිත්පුර, එච් පටුමග ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

මරණකරු ඔහුගේ බිරිඳ සහ කුඩා දරුවා සමඟ ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදී ඊයේ(04) රාත්‍රී 07.30ට පමණ මෙම ඝාතනය සිදුව ඇතැයි පොලීසියි සදහන් කළේය.

ඝාතනයට ලක්ව ඇත්තේ මට්ටක්කුලිය ප්‍රදේශයේම පදිංචිව සිටි 29 හැවිරිදි ශිවරාජ් උදය කුමාර් නැමැති අයෙකි.

රුපියල් 25,000ක මුදල් ගණුදෙනුවක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාම මෙම ඝාතනයට හේතු වී ඇති බව පොලීසිය පැවසීය.

ඝාතනය සිදු කළ සැකකරු පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනිම සඳහා මට්ටක්කුලිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *