හෙට සිට යළි වැස්ස වැඩිවෙයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ පවතින වැසි තත්ත්වය හෙට(06) දිනයේදී තවදුරටත් වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලසවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

වයඹ, මධ්‍යම,උතුරු-මැද, ඌව සහ සබරගමුව පළාත්වල සහ මන්නාරම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තදවැසි ඇති විය හැකි බවද සදහන් වේ.

බස්නාහිර, දකුණු සහ උතුරු වෙරළබඩ ප්‍රදේශවලතැනින් තැන උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

බස්නාහිර පළාතේ අභ්‍යන්තර ප්‍රදේශවලසහ සබරගමුව සහ මධ්‍යමපළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකිය.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *