බ්‍රසීල මැතිවරණයේ පළමු වටයේ ජය ජෙයිර් බොල්සොනාරෝට

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රසීල ජනාධිපතිරණයට ඉදිරිපත්ව සිටින අන්ත දක්ෂිණාංගික අපේක්ෂක ජෙයිර් බොල්සොනාරෝ 46%ක් ලබා ගනිමින් මැතිවරණයේ පළමු වටය ජයග්‍රහණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මෙවර ඡන්ද භාවිත කිරීම සඳහා සුදුසුකම් ලැබු පිරිස මිලියන 150කි.

රට තුළ ඉහළ ගොස් ඇති අපරාධ රැල්ල මුලින් උපුටා දැමීම පෙරොන්දුව සමග ජෙයිර් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව තිබුණි.

බ්‍රසීලය තුළ මෙතෙක් මරණ දඩුවම ක්‍රියාත්මක වුයේ නැත. එය යළි බලාත්මක කිරීමට අපේක්ෂා කරන ජෙයිර් අපරාධකරුවන්ට දැඩි දඩුවම් ලබාදෙන බව ද මැතිවරණ ප්‍රචාරක කටයුතුවල දී සඳහන් කළේය.

ඊයේ පැවති මැතිවරණයෙන් කිසිඳු අපේක්ෂකයෙකුට 50%ක ප්‍රතිශතයක් ලබාගැනීමට නොහැකිවිය. මේ හේතුවෙන් දෙවැනි වටයේ ඡන්ද විමසීම ලබන 28 වැනිදා පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *