මන්ත්‍රී මරික්කාර් මැදමුලන තියරිය සිහිපත් කරයි

(කොළඹ, ලංකාපුවත්) –පසුගිය ආණ්ඩුකාලයේ මෙන් මැදමුලන තියරිය භාවිතා කර ජාත්‍යන්තර සැසිවාර වලදී ඔවුන් ගොනාට ඇන්දවීම වත්මන් ජනාධිපතිතුමා කටයුතු නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ අදහස් පළ කරන ලද්දේ, රත්මලාන ධර්මාරාව පුරාණ විහාරයට රුපියල් ලක්ෂ දෙකක වටිනාකමකින් යුත් ඇස්බැස්ටස් තහඩු ප්‍රදානය කිරීමේ අවස්ථාකට පසුගියදා එක්වෙමින්ය.

“එක්සත් ජාතීන්ගේ සැසිවාරයට ජනාධිපතිතුමා එක්ක මමත් ගියා. එතනදී ජනාධිපතිතුමා කිව්වේ. අපි ස්වාධීන ස්වෛරී රාජ‍්‍යයක්, අපේ ප්‍රශ්න විසදගන්න අපිට ඉඩදෙන්න. ඒ වගේම ඒවාට උදව් කරන්න කියලයි. මොකද කකුලකට කට්ටක් ඇනිච්ච මිනිහා තමයි දන්නේ කට්ට ඇනීමේ වේදනාව. ඒ වගේම ඇනිච්ච බව මතක් වෙනකොට දැනෙන වේදනාව දන්නෙත් ඒ ඇනිච්ච මිනිහා විතරයි.ඒක බලන් ඉන්න මිනිහාට තේරෙන්නේ නෑ .ඒ නිසා මේ ප්‍රශ්න විසදගන්න අපිට ඉඩදෙන්න කියලා කිව්වා. ඒ කිව්වේ මොකක්ද මැදමුලන තියරිය භාවිතා කරලා එතුමා ජාත්‍යන්තරය ගොනාට අන්දන්න ගියෙත් නෑ. ඒ වගේම NGO කාරයින්ගේ තිරණ වලට යටත් වෙලා සුද්දන්ළග දණ ගාවේත් නෑ. ඒ නිසා ජනාධිපතිතුමාගේ ඒ ප්‍රකාශය ප්‍රායෝගීක දේශප්‍රේමී ප්‍රකාශයක්. ඒ වැඩපිළිවෙලෙහි තමයි අපි ඉන්නේ. විවිධ බලපෑම් එන්න පුළුවන්. ඒ බලපෑම් ආවත් පොහොට්ටුවේ ඉන්න මිනිමරුවන්ට, සල්ලාලයින්ට වඩා අපි දේශප්‍රේමියි.“ යැයි එහිදී වැඩිදුරටත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *