බෙංගාල බොක්කේ පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය මේ වනවිට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී අද(09) අලුයම 2.00 පමණ වන විට, උතුරු අක්ෂාංශ 14.3 සහ නැගෙනහිර දේශාංශ 87.5 ආසන්නව ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මෙම පද්ධතිය ත්‍රිකුණාමලය සිට කි.මී 950 පමණ දුරින් ස්ථානගතව පවතී.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ පවතින වැසි තත්ත්වය අද(09) සහ හෙට(10) දිනවලදී තවදුරටත් වර්ධනය වේ යැයි බලාපොරොත්තු වේ.

බස්නාහිර, දකුණු, මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා වන තරමක් තද සුළං ඇතිවිය හැකිය.

බස්නාහිර,වයඹ, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර,වයඹ, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැක.

ඌව පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *