ලෝක දෘෂ්ඨි දිනයට අක්ෂි රෝහල මහජනතාව දැනුවත් කරයි

(කොළඹ, ලංකාපුවත්) –ලෝක දෘෂ්ටි දිනය ලබන 11 වැනි දිනට යෙදී තිබේ. ඒ වෙනුවෙන් ජාතික අක්ෂි රෝහල මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලවක් ආරම්භ කර ඇත. මෙම වැඩසටහන අද (09) දින සිට 11 දින දක්වා ක්‍රියාත්මකය.

ලෝක දෘෂ්ඨි දිනය සම්බන්ධයෙන් ජාතික අක්ෂි රෝහලේ පැවැති මාධ්‍ය දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක දී මේ බව අනාවරණය විය.

මෙවර එහි තේමාව ලෝක දෘෂ්ටි දින තේමා වන්නේ “සෑම වේලාවකම ඇස් කෙරෙහි සැලකිලිමත් වන්න“ යන්නයි.

ලෝකයේ මිලියන 285 ක ප්‍රමාණයක් යම්කිසි අක්ෂි ආබාධ තත්ත්වකින් පෙළෙනවා. මෙමගින් 90%ක් ජීවත් වන්නේ අඩු ආදායම් හා මධ්‍යම ආදායම් රටවල බව පැවැසූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, සමීක්ෂණ වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ ද ජනගහනයෙන් 1.7% ක සැළකිය යුතු ප්‍රමාණයක් යම්කිසි අක්ෂි ආබාධ රෝගයකින් හෝ අන්ධ භාවයකින් පෙළෙන බව පැවසී ය.

විවිධ අනතුරු, ඇසෙහි සුද මතුවීම හා දියවැඩියාව ඇතුළු බෝ නොවන රෝග හේතුවෙන්, මෙම තත්වයන් බහුල වී තිබේ.

“විෂන්-2020“ වැඩසටහන යටතේ, මෙය අවම කර ගැනීමට රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව වැඩසටහන් ගණනාවක් ක්‍රියාවට නැංවේ.

විශේෂඥ වෛද්‍යවරුන් මගින් නොමිලයේ අක්‍ෂි පරීක්‍ෂාව හා අක්‍ෂි කාච ලබාදීම, ලේසර් කිරණ ඇතුළු සියළු වෛද්‍ය ප්‍රතිකාර, දැනුවත් කිරීමේ වැඩසටහනක් ජාතික අක්‍ෂි රෝහල් ශ්‍රවණාගාරයේදී මේ වෙනුවෙන් පැවැත්වෙනු ඇත.

පොදු ප්‍රවාහන සේවාවන්හි ස්ටිකර් ඇලවීමේ සහ අත්පත්‍රිකා බෙදාදීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මකය. දැනුවත් කිරීමේ පාගමන ආරම්භ කෙරෙන්නේ, ලබන 11 වැනි දින උදේ විහාර මහා දේවි උද්‍යානය අසලින්ය.

නිසි වෛද්‍ය ප්‍රතිකාර ලැබීමෙන්, අක්‍ෂි ආබාධවලින් සියයට 80ක් පමණ වළක්වා ගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *