හබල් දුරේක්ෂයට ලෙඩක්

(කොළඹ, ලංකාපුවත්) – ලොව මෙතෙක් නිෂ්පාදිත වඩාත් වැදගත්ම විද්‍යාත්මක උපකරණවලින් එකක් ලෙස සැලකෙන හබල් දුරේක්ෂය තාක්ෂණික දෝෂයකට ලක්ව තාවකාලිකව ක්‍රියාවිරහිත කර ඇති බව නාසා ආයතනය පවසයි.

දුරේක්ෂය හැරවීම සඳහා භාවිත කරන උපාංග නිසි පරිදි ක්‍රියාත්මක නොවීම මීට හේතුව බවට වාර්තා වේ. එම දෝෂය නිවැරදි කිරීමට මේ වන විට විද්‍යාඥයින් පිරිසක් කටයුතු කරමින් සිටි.

හබල් දුරේක්ෂය ක්‍රියාත්මක කරනු ලැබුවේ 1990 වසරේදී ය. පෘථිවියේ සිට ඡායාරූපයට නැඟීමට අපහසු දෑ මෙම දුරේක්ෂය මඟින් ග්‍රහණය කර ගත හැකියි.

එසේම අභ්‍යාවකාශයේ ස්ථාපනය කිරීමට නියමිත නවතම දුරේක්ෂයවන ජේම්ස්වෙඉ් දුරේක්ෂය ස්ථාපිත කිරීම 2021 දක්වා කල් ගොස් තිබේ. එහෙත් ඒවන තෙක් ක්‍රියාත්මක තත්ත්වයේ පවතින අභ්‍යවකාශ දුරේක්ෂයක් නොමැති බැවින් , හබල් දුරේක්ෂය ක්‍රියාමක කර ගැනීමට නොහැකි වුවහොත් විශාල පාඩුවක් ඇතිවනු ඇතැයි විද්‍යාඥයෝ පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *