(කොළඹ, ලංකාපුවත්) – කුකුළු නිෂ්පාදන ක්ෂෙත්රයේ වැදගත් අංශ රාශියක් පිළිබදව සාකච්ජා කෙරුණු ,කුකුළු නිෂ්පාදන 2018 සම්මේලනය, පසුගියදා ඉතා සාර්ථකව ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාල පරිශ්‍රයේදි පැවැත් විය.
එම විශ්ව විද්‍යාලයේ සත්ත්ව විද්‍යා පීඨය විසින් සංවිධානය කරනු ලැබූ මෙම සම්මේලනය සදහා එම විෂය පථය හදාරන විශ්ව විද්‍යාල සිසුන් සහ විද්වතුන් 300 කට අධික පිරිසක් සහභාගි වන ලදි.
කුකුළු නිෂ්පාදන ලෝකයේ අනාගතය, පරිසරහිතකාමී සහ කාර්යක්ෂම නිෂ්පාදන ක්‍රියාවලියක් “Future of the Poultry World: Smarter and Greener Production”යන තේමාව ඔස්සේ දෙවන වරටත් පැවති මෙම සම්මේලනය සදහා ක්රිස්බ්රෝ සමාගම විසින් පූර් ණ අනුග්‍රහකත්වය සපයනු ලැබීය.
පරිසරහිතකාමී කුකුළු නිෂ්පාදනය ක්‍රියාවලියේ වැදගත්කම සහ සත්ත්ව සුබසාධනය පිළිබදව ගැඹුරින් සාකච්ජා කෙරුණු මෙම සම්මමේලනය ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපකුලපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර ඒ සදහා කෘෂිකර්ම විශ්ව විද්‍යාල වල ශාස්ත්රාලීය විද්වත්හු රැසක් සහභාගි වූහ. ක්රිස්බ්රෝ සමාගම නියෝජනය කරමින් සාකච්ජා සදහා සහභාගි වූයේ ජේයෂ්ඨ කළමණාකරු ආර්. පී. සී. එස්. කේ. රාජපක්ෂ මහතාය.
හරිත නිෂ්පාදන ක්‍රියාවලියේ දී වැදගත් වන අංශ කිහිපයක් වන කුකුඵ ආහාර, පරිපාලනය, කුකුළුලන්ට වැළෙදන රෝග, නිෂ්පාදන ක්‍රමවේද සහ ක්ෂෙත්රයට සම්බන්ධ නව පර්යේෂණ ගැන විශේෂ දේශන කිහිපයක් කීර්තිමත් විද්වතුන් විසින් පවත්වනු ලැබීය.
ශ්‍රී ලංකාවේ කුකුඵ නිෂ්පාදන කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය සිදුකරන මෙහෙවරට සහයෝගය දැක්වීම සදහා ක්රිස්බ්රෝ සමාගම් සමූහය විසින් 2018 සම්මේලනයට අනුග්‍රහය දැකවීමට ඉදිරිපත් විය.
කුකුළු නිෂ්පාදන ක්ෂෙත්රයේ ISO14001 ඇතුඵ ජාත්‍යන්තර තත්ත්ව සහතික 6 ක් ඇති එකම දේශිය සමාගම වන ක්රිස්බ්රෝ, සිය වෙළෙදනාමය යටතේ කුකුඵ නිෂ්පාදන වර්ග රාශ්රීයක් වෙළෙදපොලට ඉදිරිපත් කරයි. මීට වසර 46 ට පෙර ආරම්භ කල ක්රිස්බ්රෝ සමාගම අද වන විට සේවකයන් 1100 ට අධික සංඛ්‍යාවක් සේවය කරන සමාගම් 6 න් සැදුම්ලත් දිවයිනපුරා ස්ථාන 17 දී නිෂ්පාදන කටයුතු කරන ශ්‍රී ලංකාවේ දැවැන්තම කුකුළු නිෂ්පාදන සමාගම් සමූහය ලෙස ද ක්රිස්බ්රෝ හදුන්වා දිය හැකිය.