ජනපති සහ සීෂෙල්ස් උප ජනපති හමු වෙයි

(කොළඹ, ලංකාපුවත්) –සීෂෙල්ස් හි දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ සීෂෙල්ස් උප ජනාධිපති Vincent Meriton මහතා අතර හමුව ඊයේ (09)සිදු විය.

සීෂෙල්ස් හි Praslin දූපතේ දී මෙම හමුව සිදු වූ අතර උප ජනාධිපතිවරයා විසින් ජනාධිපතිෙ මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා හරසරින් යුතුව පිළිගනු ලැබීය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සීෂෙල්ස් සංචාරය ශ‍්‍රී ලංකා – සීෂෙල්ස් සබඳතාවලට තිස් වසරක් සපිරෙන මෙම අවස්ථාවේ සිදුවීම පිළිබඳ සිය සතුට පළ කළ උප ජනාධිපතිවරයා මෙම සංචාරයට සමගාමීව දෙරට අතර ඇතිකරගත් නව එකඟතාවයන් දෙරටටම ප‍්‍රතිලාභ සැළසෙන අයුරින් ශක්තිමත්ව ඉදිරියට කි‍්‍රයාත්මක කිරීමට කැපවන බව ද සඳහන් කළේය.

හමුව සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *