නිකී හේලී හදිසියේ ඉල්ලා අස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) –එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකා තානාපති නිකී හේලි එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. වසර දෙකක පමණ කාලයක් අමෙරිකා තානාපති ලෙස කටයුතු කළ ඇය ඉවත්වීමට හේතුව මෙතෙක් දන්වා නොමැත.

ඇගේ ඉල්ලා අස්වීම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් බාරගෙන ඇති බව, වාර්තා වේ. ඇය ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ කැබිනට් සාමාජිකාවක් ලෙස ක්‍රියා කර තිබේ.

තානාපති හේලීගේ ඉල්ලා අස්වීම අමෙරිකාවේ බොහෝ පාර්ශවයන්ට පුදුමය ගෙන දෙන කාරණයක් ලෙස සැලකේ.

කැලිෆෝනියා ප්‍රාන්තයේ දකුණු කොටසේ ආණ්ඩුකාරවරිය ලෙස ද සේවය කළ ඇය, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රබල ආධාරකාරියකි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනයට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ පුද්ගලයන් රැසක් මෑත කාලීනව වරින් වර ඉල්ලා අස්වී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *