රූපවාහිනී සංස්ථා සභාපතිනියගෙන් පැහැදිලි කිරීමක්

(කොළඹ, ලංකාපුවත්) –ජාතික රූපවාහිනියේ ලාංඡනය වෙනස් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කිසිදු තීන්දුවක් ගෙන නොමැති බව වගකීමෙන් යුතුව අවධාරණය කරන බව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිනී ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද මහත්මිය පවසයි.

ඇය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබඳ පැහැදිලි කර ඇත.

එම සම්පූර්ණ නිවේදනය පවත පරිදි වේ.

රූපවාහිනී සන්නාමය වෙනස් කරන බවට ගෙන යන ප්‍රචාරය සාවද්‍යයි

ජාතික රූපවාහිනියේ ලාංඡනය වෙනස් කරන බවට විවිධ මාධ්‍ය මගින් සැලසුම් සහගත ප්‍රචාරයක් ගෙනයන බව පෙනෙන්නට ඇති අතර ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව එවැනි කිසිදු තීන්දුවක් ගෙන නොමැති බව වගකීමෙන් යුතුව අවධාරණය කළ යුතුය. එසේම ඒ පිළිබද සකච්ඡාවක් හෝ සිදුකර නොමැති අතර එවන් අවශ්‍යතාවක්ද නොමැත.

ජාතික රූපවාහිනියේ ලාංඡනය වූ සැළලිහි‚යා අප ආයතනයේ ගෞරවයේත්, අභිමානයේත් සංකේතයකි.
තිස් හත් වසරක් තිස්සේ රැකගෙන ආ එකී අභිමානයේ සංකේතය අංශුවකින් හෝ වෙනස් නොකොට ඉදිරියටත් රැක ගැනීම අපගේ තිරසර අදිටන හා වගකීම වන්නේය. නව මාධ්‍ය සංස්කෘතිය තුළ අප ක්‍රියාවට නැංවූ ප්‍රවර්ධන ක්‍රමෝපායයන් නිසි ලෙස වටහා නොගත් ඇතමුන් වෙනත් මාධ්‍ය මගින් සාවද්‍ය ප්‍රචාර රැගෙන යාම කනගාටුවට කරුණකි.

තරගකාරී රූපවාහිනී මාධ්‍ය ආයතන සමග ඉදිරියට පැමිණීමේදී ජාතික රූපවාහිනිය සහ ඩිජිටල් මාධ්‍ය අතර මනා සම්බන්ධතාවක් තිබිය යුතු බව අප විශ්වාස කරන අතර රූපවාහිනිය ස්වකීය සමාජ ජාලා පද්ධතියට අනුකූලව නව වැඩ සටහන් ගණනාවක් ක්‍රියාවට නංවා තිඛෙන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. රූපවාහිනියේ නමින් බිදී ආ ‘රූ ඩිජිටල්‘(Ru Digtal) නම් වූ උප සන්නාමය භාවිත කිරීමෙන් සිදුකරන ප්‍රවර්ධන කටයුතු එහි එක් උපායමාර්ගයකි. එහි හැඩතල භාවිත කරමින් රූපවාහිනී ප්‍රවෘත්ති ඇතුළු ඇතැම් වැඩ සටහන් ප්‍රවර්ධනයේදීද මෙම උපායමාර්ගය යොදාගෙන තිබේ. දැනටමත් මේ පිළිබද සමාජ අවධානයක් දිනාගැනීමට හැකිවීම අපගේ එකී උපායමාර්ගය සාර්ථක වී ඇති බවට කදිම සාක්ෂියකි.

ජාතික රූපවාහිනිය මෙවන් ක්‍රමවේද අනුගමනය කළ පළමු අවස්ථාව මෙය නොවේ. අපගේ අලෙවි පියස
‘රූ එන්ටර්ටේන්මන්ට්‘ (Ru Entertainment) යන සන්නාමයෙන් ප්‍රවර්ධනය කිරීම ඇරඹුවේ මීට වසර 10 කට තරම් පෙර සිටය. එයින් ජාතික රූපවාහිනියේ ප්‍රධාන සන්නාමයට හානියක් හෝ අනතුරක් සිදු වී නොමැත.

රූපවාහිනියට එරෙහි සාවද්‍ය ප්‍රචාර පසුපස ඇත්තේ සීමිත පිරිසකගේ පටු උවමනාවන් බව අපි දනිමු. එහෙත් එවන් පටු ප්‍රයත්න වලින් ජාතික රූපවාහිනිය බඳු දැවැන්ත, ජාතික ආයතනයක කීර්තිය අබ ඇටයක ප්‍රමාණයකින් හෝ විනාශ කිරීම සිහිනයක් පම‚. ජාතික රූපවාහිනිය ජාතික වස්තුවකි. එය ජනතාවගේ ආයතනයක් වන අතර පොදු ජනතාවගේ දැනුම හා වින්දනය පුළුල් කිරීමේ අරමු‚න් නිසි සැලසුමකින් යුතුව ජාතික නාලිකාවක වටිනාකම් හා වගකීම් රැකගනිමින් අප පෙරට යන ගමනේ ආපසු හැරීමක් නොමැති බවද ස්ථීරසාරව ප්‍රකාශ කර සිටිමු.

ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද
සභාපති
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *