පැලවත්ත නිමි ඇදුම් වෙළඳසැලේ ගින්නෙන් 174 බස් මාර්ගය වැසෙයි

(කොළඹ, ලංකාපුවත්) – බත්තරමුල්ල, පැලවත්ත මංසන්ධියේ පිහිටා ඇති පෞද්ගලික වෙළඳ සැලක ගින්නක් හට ගෙන තිබේ.

රෙදිපිළි හා වෙනත් ද්‍රව්‍ය අලෙවි කරන මෙම ස්ථානයේ අද(11) උදෑසන මෙම ගින්න හට ගෙන ඇත.

කෙසේ වෙතත් මේ වන විට ගින්න පාලනය කිරීම සඳහා කෝට්ටේ මහ නගර සභා ගිනි නිවීමේ ඒකකයේ රථ පිටත්ව ගොස් ඇති බව ගිනි නිවීමේ ඒකකය පවසයි.

මේ අතර බොරැල්ල-කොට්ටාව 174 බස් මාර්ගය සම්පූර්ණයෙන් වසා දමා ඇති බව පොලිසිය සදහන් කළේය.

ගින්න ඉතා වේගයෙන් පැතිර යන අතර, වෙළඳ සැල ආසන්නයේ ඇති ටයර් අලෙවි කිරීමේ වෙළඳ සැලට මෙය ව්‍යාප්ත වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *