කොළඹ නගරයේ වාහන ගාල්කිරීම් ගෙවීම් තවදුරටත් පහසු වෙයි

(කොළඹ, ලංකාපුවත්) – දකුණු ආසියාවේ විශාලතම වාහන ගාල් කිරීමේ පරිපාලන සමාගම වන ටෙනාගා කාර් පාර්ක් පෞද්ගලික සමාගම මේ වනවිට කොළඹ නගරයේ වාහන ගාල්කිරීමේ ගාස්තු අයකරන මීටර් 100 කට අධික සංඛ්‍යාවක් ස්ථාපනය කර ඇති අතර පසුගියදා එම සමාගම වාහන ගාල්කිරීමට පෙර ගෙවීම් කිරීමේ පහසුකම් ලබාදෙමින් මේගාපේ (MegaPay Pvt Ltd)සමාගම සමග අත්වැල් බැදගත්තේය.

‘Pay&Go’යන වෙළෙදනාමය යටතේ ක‍්‍රියාත්මක වන මේගාපේ සමාගම, අන්තර් ජාලය ඔස්සේ ඔන්ලයින් තාක්‍ෂණයෙන් දුරකථන බිල්පත්, ජල සහ විදුලි බිල්පත්, කේබල් ටීවී බිල්පත්, රක්‍ෂණ වාරික, ලීසිං වාරික වැනි ගෙවීම් සිදුකල හැකි වන අතර එම සේවා අතරට වාහන ගාල්කිරීමේ ගෙවීම් කිරීම නවතම සේවාව වේ.

ටෙනාගා සහ මෙගාපේ අතර ඇති වු මෙම ගිවිසුමත් සමග මෝටර් රථ රියදුරන්ට සිය අභිමතය පරිදි පහත චැනල් ඔස්සේ ගෙවීම් සිදුකල හැකියි.

1. ශ‍්‍රී ලංකාවපුරා පිහිටුවා ඇති මේගාපේ 600 ක් වන කියෝස්ක් (kiosks)යන්ත‍්‍ර ඔස්සේ
2. Pay&Goමොබයිල් ඇප් එක ඔස්සේ
3. www.paygo.lk වෙබ් අඩවිය ඔස්සේ

මෙම ගිවිසුම සම්බන්ධයෙන් අදහස් දැක් වූ ටෙනාගා කාර් පාර්ක් සමාගමේ කළමණාකාර අධ්‍යක්‍ෂ දුමින්ද ජයතිලක මහතා කියා සිටියේ, -ඔබ දැන් කොළඹ නගරයට පිවිසෙන විට ඔබගේ වාහනය ගාල් කිරීම සදහා මුදල් ලග තබාගත යුතු නැහැ. තාක්‍ෂණයේ දියුණුවත් සමග එම වාසිය ටෙනාගා පාර් කින් මීටර් භාවිතා කරන ඔබට ලබාගැනීමට අවස්ථාව සලසා තිබෙනවා. ඒ අනුව අපගේ සියලූම මෝටර් රථ රියදුරන්ට‘Pay&Go’ සේවාව ලබාදෙන්නේ ඉතා සතුටින් බවයි.

මෙගාපේ සමාගමේ අලෙවිකරණ සහ ව්‍යාපාර සංවර්ධන කළමණාකරු උෂාන්ත සමරවීර මහතා ප‍්‍රකාශ කළේ – ඔන්ලයින් තාක්‍ෂණය ඔසසේ ජංගම දුරකථන මගින් ගෙවීම් සිදුකිරීමේ සේවාව නව ගිවිසුමත් සමග ගමනාගමන ක්‍ෂෙත්‍රයට එක් කිරීමට හැකි වී තිබෙනවා. ටෙනාගා සමග ඇති කරගත් මෙම ගිවිසුම නිසා පාර් කින් මීටර් වලින් ගෙවීම මෙන්ම දඩ මුදල්ද කියෝස්ක් (kiosks) යන්ත‍්‍ර ඔස්සේ ගෙවීමට හැකි වනවා. ඒ නිසා පාර් කින් මීටර් මගින් ගෙවීම ඉතා පහසු වෙනවා.

ටෙනාගා කාර් පාර්ක් පිළිබදව

මෝටර් රථ ගාල් කිරීමේ සහ රථාවහන ගමනාගමනය කළමනාකරණ සේවා ශ‍්‍රී ලංකාවේ තුල සපයන ප‍්‍රමුඛ සමාගමක් ලෙස ටෙනාගා කාර් පාර්ක්ස් හදුන්වා දියහැකියි. කොළඹ මහනගර සභාව සමග රාජ්‍ය- පෞද්ගලික සම්බන්ධතා ගිවිසුමක් (Public-Private-Partnership)යටතේ රුපියල් මිලියන 250 ක ආයෝජනයක් මගින් සූර්‍ය බලයෙන් ක‍්‍රියාත්මක වන වාහන ගාල් කිරිමේ දී මුදල් අයකරන යන්ත‍්‍ර (මීටර්)100 ක් කොළඹ නගරය තුල ස්ථානය කරමින් ටෙනගා කාර් පාර් ක් සමාගම ආරම්භ කරන ලදි. වසර 20 ක පමණ දියුණු රටවල රථාවහන ගමනාගමනය කළමනාකරණ පිළිබද අත්දැකීම් ඇති ටෙනාගා කාර් පාර්ක්ස් සමාගම මැලේසියාව සහ ඉන්දියාවේ වාහන ගාල්කිරීමේ සේවා, ජාත්‍යන්තර සමාගම් සමග සම්බන්ධවෙමින් ක‍්‍රියාත්මක කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *