කෘෂිකර්ම ප‍්‍රවර්ධන සතිය ඇරඹෙයි

(කොළඹ, ලංකාපුවත්) – කෘෂිකර්ම ප‍්‍රවර්ධන සතිය මුල් කරගනිමින් වැඩසටහන් රැසක් අද සිට ආරම්භ කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේය.

ගොවීන් දැනුවත් කිරිම සහ ඔවුන්ට අවශ්‍ය තාක්ෂණික උපකරණ ලබාදීම ඒ යටතේ සිදුවන බවයි දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව් එම් ඩබ්ලිව් වීරකෝන් මහතා පැවසීය.

සෑම බිම් අඟලක්ම වවමු නිෂ්පාදනය වැඩි කරමු සහ ආනයනය අවම කරමු යන අරමුණ මුල් කරගනිමින් ප‍්‍රවර්ධන සතිය ක‍්‍රියාත්මක කෙරේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පළාත් කෘෂිකර්ම අමාත්‍යංශ, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරිය ඒ සඳහා විශේෂ දායකත්වයක් ලබාදෙන බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

මේ අතර මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර තොග දිවයිනේ සියලු ගබඩා වෙත නිකුත් කර ඇතැයි ජාතික පොහොර ලේකම් කාර්යාලය ප‍්‍රකාශ කළේය. මෙවර වගා කිරිමට අපේක්ෂිත කුඹුරු බිම් ප‍්‍රමාණය හෙක්ටාර ලක්ෂ 8ක්. වී සඳහා යොදන පොහොර මිටියක් රුපියල් 500කට අළෙවි කිරිමට නියමිත අතර අතිරේක භෝග සඳහා භාවිත කරන පොහොර මිටියක් රුපියල් 1500කට අළෙවි කරන බව පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් පුෂ්පකුමාර මහතා පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *