(කොළඹ, ලංකාපුවත්) – බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය අද සිට යෙදවීමට නියමිත බව, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් බන්දු ජයසිංහ මහතා පවසයි.
පළමු අදියර යටතේ පොලිස් විශේෂ කාර්ය බලකා භටයින් 300ක් බන්ධනාගාර 3කට අනුයුක්ත කිරීමට නියමිතය. වැලිකඩ සහ මැගසින් බන්ධනාගාර සඳහා භටයින් 200ක්ද, අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය සඳහා භටයින් 100ක් අනුයුක්ත කෙරෙනු ඇත.
බන්ධනාගාර තුළට පිටතින් පැමිණෙන නීති විරෝධී දේ වැළැක්වීම, ආරක්ෂාව තර කිරීම, වෙනත් අක්‍රමිකතා මැඩපැවැත්වීම අරමුණයි.