සහල් කිලෝවක මිල රු.10කින් බසී

(කොළඹ, ලංකාපුවත්) – සහල් කිලෝවක මිල රුපියල් 10කින් අඩු කිරීමට රජය පියවර ගෙන තිබේ. ඒ, සහල් සැකසුම්කරුවන් සමඟ පැවති සාකච්ජාවකදී වූ එකඟතාවක් අනුවය.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ දිවයිනේ ප්‍රමුඛ සහල් මෝල් හිමියන් අතර සාකච්ජාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැත්වුණි.

දේශීය පාරිභෝගිකයාට සහන සැලසීම, වී අස්වනු මිලදී ගැනීම ආදිය පිළිබඳ එහිදී සාකච්ජා කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළේය.

පාරිභෝගිකයින්ට සහන සැලසීමේ අරමුණින් සහල් මෝල් හිමියන් දේශීය වෙළෙඳ පොළට සපයන සහල්වල මිල අඩුකරන ලෙස ද අමාත්‍යවරයා විසින් ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.

සහල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 10කින් අඩු කිරීමට එහිදී ඔවුන් එකඟතාව පළකර ඇත. එම මිල අඩු කිරීම සහල් ඇසුරුම්වල ප්‍රදර්ශනය කිරීමටත් ඉදිරියේ දී පියවර ගැනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *