අද සිට සවසට වැසි

(කොළඹ, ලංකාපුවත්) – අද (16) දිනයේ සිට, දිවයින පුරා සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි අතිවීමේ හැකියාවේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයේ සදහන් වේ.

එසේම අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල,විශේෂයෙන් සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව දැක්වේ.

මධ්‍යම, ඌව, සබරගමුව, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 වැඩි තද වැසි ද ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *